ඇත්තටම මාළුවෙක්ද? බයික් එකක්ද?

පසුගිය සති අන්තයේදී ජපානයේ විශේෂ සිදුවීමක් වී තිබෙන බව වාර්තා වෙනවා.

ඒ, මාළු වෙළෙඳසලක පැවති වෙන්දේසියකදී යතුරුපැදියක ප්‍රමාණයේ දැවැන්ත ටූනා වර්ගයේ මත්ස්‍යයකු ඇමෙරිකානු ඩොලර් මිලියන 1.3 ක් එනම් (ජපන් යෙන් මිලියන 207) වාර්තාගත වටිනාකමක් දී මිලදී ගැනීමට ජපන් සමාගමක් විසින් පියවර ගෙන තිබෙනවා.

රාත්තල් 600 කට අධික බරකින් යුතු එම ටූනා මත්ස්‍යයා මිලදී ගෙන තිබෙන්නේ, මාළුවලින් සකස් කරන (සුෂී) නමැති ජපන් ආහාර විශේෂය අලෙවි කරන හෝටල් හා ව්‍යාපාරික ජාලයක් වන (ඔනෝඩෙරා සමූහය) නමැති සමාගම විසින් බව සඳහන් වෙනවා.

අලෙවි වී ඇති ටූනා මත්ස්‍යයා ජපානයේ අවොමොරි ප්‍රදේශයෙන් අල්ලා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *