ආසියානු මානව හිමිකම් කොමිසම ජනපතිගෙන් ඉල්ලයි

නීතියේ ආධිපත්‍ය සහ ගෞරවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස ආසියානු මානව හිමිකම් කොමිසම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

මෙම ඉල්ලීම ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්ති හා වැඩසටහන් අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු මහතා විසින් ලිඛිතව ඇති බව වාර්තා වෙනවා.

මෙරට තුළ නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේ දී ක්ෂණික අවධානය යොමු කළයුතු වැදගත් ක්ෂේත්‍ර තුනක් සම්බන්ධයෙන් එමගින් කරුණු දක්වා තිබෙනවා.

මහාධිකරණවල පවතින බරපතළ ගණයේ අපරාධ නඩු දෛනිකව විභාගයට ගැනීම, අල්ලස හා දූෂණ පාලනය කිරීමට නව නීති හඳුන්වා දීම, නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම, එම කරුණු අතරට අයත් වන බව ආසියානු මානව හිමිකම් කොමිසම පෙන්වාදී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *