ආරක්ෂක ප‍්‍රබලයෙක්ගේ අවසානය

රුසියාවේ මොස්කව් නගරයට ආසන්නයේ නිවාස සංකීර්ණයක් අසල සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
ඉන් මියගිය එක් අයෙක් රුසියාවේ විකිරණ රසායන හා ජීව රසායන ආරක්ෂක බළකායේ ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් ඉගො කිරිලොෆ් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
විශේෂයෙන් ම මොහු රසායනික අවි සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අයෙක් බව ද මාධ්‍ය වාර්තා වෙනවා.