ආයෙත් එන්න හිතන් ගිය විජිතමුණිට වෙච්ච දෙයක්

අද (19) වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ, නීති විරෝධීව ආනයනය කරන ලද වාහන අමතර කොටස් භාවිතා කර ලොරි රථයක් එකලස්කර, ඒ සඳහා ව්‍යාජ ලේඛන සකස් කර ගැනීමේ සිදුධියක් සම්බන්ධයෙන් බව පොලීසිය පවසනවා.

ඒ අනුව, අත්අඩංගුවට ගත් විජිත් විජයමුණි ද සොයිසා හෙට (20) බණ්ඩාරවෙල අධිකරණය වෙත ඉතිරිපත් කිරීමට නියමිත වන අතර, ඔහු මෙලෙස වෙනත් වාහන එකලස් කිරීම් සිදුකර ඇත්දැයි සොයා තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතින බවද පොලීසිය පවසනවා.

එකලස් කරන ලද ලොරි රථයක් සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ සිදුකළ පැය 5 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *