ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ටත් මෙහෙම වෙනවද?

ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාට බිංගිරියේදී විරෝධතාවක් එල්ල වී තිබෙන බව වාර්තා වෙනවා.
ඒ, එම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ප්‍රවාහන සේවා ලබාගැනීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු හා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදීයි.
කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හලක සේවකයින්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයන්නේ කම්හල අවට සිටින පිරිස් එක්ව වන අතර, ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා අද එම කම්හල පිහිටි ස්ථානයට පැමිණ තිබෙන්නේ, එහි සේවකයින්ට අවශ්‍ය ප්‍රවාහන සේවා ලබාදීමට හැකි වෙනත් පාර්ශ්වයක් පිළිබඳ සාකච්ඡා කිරීමටයි.
තවත් පුද්ගලයෙකු සමඟ පැමිණි විජේසිරි බස්නායක මහතාට, දැනට ප්‍රවාහන පහසුම් සපයන පිරිසගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.