අසාද් රජයේ තහනම් වෙළෙඳාම

දශක 5 කට අධික කාලයක් පැවති අසාද් පාලනය පෙරළා දමමින් සන්නද්ධ කැරලිකරුවන් සිරියාවේ පාලනය සියතට ගත්තේ මීට සතියකට පෙරදීයි.
එරට පාලනය මේ වනවිට කැරලිකරුවන් යටතේ පවතින අතර, ඔවුන් බටහිර දිග ඩමස්කස් අගනුවර පිහිටි දැවැන්ත මත්ද්‍රව්‍ය ගබඩාවක් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම ගබඩාවේ තිබී ලී බඩු, විදුලි උපකරණ මෙන්ම පළතුරු තුළ පවා සඟවා තිබූ මත්පෙති දහස් ගණනක් හමුව තිබෙන බව සඳහන් වෙනවා. මෙම මත්පෙති තොගය අපනයනය කිරීම සඳහා සූදානම් කර තිබූ බවට සැක කරනවා.
මීට පෙර අමෙරිකාව පවා සිරියාවේ බෂර් අල් අසාද් ප්‍රමුඛ රජය කැප්ටගන් නම් උත්තේජක ඖෂධ නිෂ්පාදනයෙන් සහ විකිණීමෙන් ලාබ ලබන බවට චෝදනා කර තිබුණා.
කෙසේ වුවත්, අසාද් රජය මත්ද්‍රව්‍ය වෙළඳාම සම්බන්ධ එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළා.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ, කැරලිකරුවන් මෙලෙස දැවැන්ත මත්ද්‍රව්‍ය ගබඩාවක් සොයාගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අසාද් පාලනයට එල්ලවූ චෝදනා සත්‍යයක් කරන සාක්ෂි ලෙසයි.