කලාකරුවෙකුගේ නික්ම යාමක්

ලෝක ප්‍රකට ඉන්දීය තබ්ලා වාදකයෙකු වන සකීර් හුසේන් අභාවප්‍රාප්ත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ හෘදයාබාධයක් හේතුවෙන් අමෙරිකාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඉන්දීය පුරවැසියෙකුට පිරිනැමෙන ගෞරවනීය සම්මාන වන පද්ම ශ්‍රී, පද්ම භූෂණ සහ පද්ම විභූෂණ යන ගෞරව නාමවලින් පිදුම් ලැබූ ඔහු, භාරතයේ නාමය ලෝකයට ගෙන ගිය දැවැන්තයෙක් ලෙස හඳුන්වනවා.

සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙස ද කටයුතු කළ ඔහු ග්‍රැමි සම්මාන හතරකින් පිදුම් ලැබූ කලාකරුවෙකි.

භාරතීය ශාස්ත්‍රීය සංගීතය පෝෂණය කිරීම වෙනුවෙන් ඇප කැප වූ වාද්‍ය විශාරද සකීර් හුසේන් මිය යන විට වයස අවුරුදු 73 ක් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *