අවසන් කළ ඉන්දීය සංචාරය

තෙදින ඉන්දීය සංචාරය නිමා කරමින්, ඊයේ (17) රාත්‍රී 10 ට පමණ ජනාධිපතිවරයා සහ දූත පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වෙනවා.
ජනාධිපතිවරයා සමග දූත පිරිස ලෙස සහභාගී වූ අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත, අමාත්‍ය විජිත හේරත් ඇතුළු ඇතුළු පිරිස ද එම ගුවන් යානයෙන්ම ආපසු පැමිණ තිබුණා.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 196 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව සඳහන් වෙනවා.
ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඉකුත් (15) දින සිය ඉන්දීය සංචාරය සඳහා පිටත්ව ගිය අතර, මෙම සංචාරය අතරතුර, ජනාධිපතිවරයා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිනිය ඇතුළු රාජ්‍ය ත්‍රාන්ත්‍රිතයින් පිරිසක් හමුවී සාකච්ඡා පැවැත්වූ අතර, දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් කරනු ලැබුවා.
ඒ වගේම මේ සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුද්ධගායාවද වැඳපුදා ගනු ලැබුවා.