අලූත් ක‍්‍රමයකට නව වසරේ වැඩ අල්ලමු

රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත, ක්ලීන් ශ්‍රී ලංකා, වැඩසටහන එළැඹෙන 01 වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි.
මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
පසුගිය දා ,ක්ලීන් ශ්‍රී ලංකා, වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කළා.
ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක, වැඩබලන පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සාමාජිකයන් 18 දෙනෙකුගෙන් එම ජනාධිපති කාර්ය සාධක බළකායට ඇතුළත් කර තිබෙනවා.
,ක්ලීන් ශ්‍රී ලංකා, වැඩසටහන නියමිත කාලසීමාව තුළ සැලසුම් කිරීම, මඟපෙන්වීම, ක්‍රියාත්මක කිරීම, ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ සම්පූර්ණ කිරීම මෙම ජනාධිපති කාර්ය සාධක බළකායට පැවරී ඇති වගකීම් ලෙස හඳුන්වනවා.