අලූත් අවුරුද්දට පාසල් ළමුන්ට චීනෙන් තෑගි

චීනය විසින් ලංකාවට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි අද නිල වශයෙන් මෙරටට ලබාදීම සිදු කෙරුණා. ඒ කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකදී.

එම අවස්ථාව ට අගමැතිනී හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම චීන තානාපති චී ජන් හොන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

රුපියල් බිලියන 5.2 ක් පමණ වටිනා රෙදි මීටර් මිලියන 11.28 ක් ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ට ප්‍රදානය කරන බව මෙහිදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා ප‍්‍රකාශ කර සිටියා.

රජයේ හා රජයේ ආධාර ලබාදෙන පාසල් 10,096 හා අනුමත පිරිවෙන් 822 ක් සඳහා මෙම නිල ඇඳුම් රෙදි ලබාදීමට නියමිතයි.

මෙම නිල ඇඳුම් රෙදි ලබාදීම 1992 වර්ෂයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අඛණ්ඩව සිදුකරන ලද අතර, 2015 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා පාසල් නිල ඇඳුම් රෙදි ලබාගැනීම සඳහා වවුචර්පත් ලබාදීම සිදු කෙරුණා. පසුව නැවතත් 2021 වර්ෂයේ සිට පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි දේශීය රෙදි පිළි නිෂ්පාදකයන් වෙතින් නිපදවා මිලදී ගැනීම සිදුකර තිබුණා.

නමුත් Covid -19 වසංගත තත්ත්වය මත රට මුහුණ දුන් ආර්ථික තත්ත්වය හමුවේ මහජන චීන සමුහාණ්ඩුව විසින් 2023 වර්ෂය සඳහා නිල ඇදුම් අවශ්‍යතාවයෙන් 70‍% ක ප්‍රමාණයක් ප්‍රදානයක් වශයෙන් ලබා දුන් අතර, ඉතිරි 30‍% ක ප්‍රමාණය දේශීය රෙදි පිළි නිෂ්පාදකයින් වෙතින් මිලදී ගැනීම සිදුවුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *