“අලි මදිවට කොටි” කියලා කියන්නේ මෙව්වටයි

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට ඊයේ (10) සුළු භූමිකම්පන තත්ත්වයක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකාවේ වේලාවෙන් ඊයේ උදෑසන 7.02 ට පමණ සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක ප්‍රදේශය අසල මෙම භූකම්පන තත්ත්වය ඇති වී තිබෙන අතර, එය රික්ටර් මාපක 3.7 ක් ලෙස සටහන් වී තිබෙනවා.
කම්පනයේ කේන්ද්‍රය ගෝල්ඩන් ගේට් පාලමට සැතපුම් 5 ක් පමණ නිරිත දෙසින් සහ අධිවේගී මාර්ගයට සැතපුම් 2 ක් පමණ බටහිරින් වාර්තා වී ඇති අතර, එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය (USGS) වාර්තා කරන්නේ, භූකම්පනය ප්‍රදේශයේ 5,000 කට අධික පිරිසකට දැනී ඇති බවයි.
ඇමෙරිකානුවන්ට මෙම භූමිකම්පාවට මුහුණදීමට සිදුව තිබෙන්නේ, ලොස් ඇන්ජලීස්හි පැතිර යමින් තිබෙන මාරාන්තික ළැව් ගිනි සමගින් අමෙරිකාව සටන්කරමින් සිටින අතරතුරයි.
ලොස් ඇන්ජලීස්හි ළැව් ගිනි පැතිරුණු ප්‍රදේශයේ සිට සැතපුම් 350 ක පමණ දුරකින් මෙම භූමිකම්පාව ඇතිව ඇති වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
කෙසේ නමුත් මෙම භූමිකම්පාවෙන් සිදු වූ ජීවත හානි හෝ වෙනත් අලාභහානි කිසිවක් වාර්තා වී නොමැත.