අරුම පුදුම කුකුල් අල්ලස

කුකුල් මස් කිලෝවක් අල්ලස් වශයෙන් ලබාගත් ආදායම් නිලධාරියෙක් සහ ක්ෂේත්‍ර කම්කරුවෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොස්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසික් සිදුකළ පැමිණිල්ලකට අනුවයි.
පැමිණිලිකරුට අයත් වෙළෙඳසැලේ ලබන වර්ෂයට අදාළ වෙළෙඳ බලපත්‍රය ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දීම සඳහා, මෙම සැකකරුවන් අල්ලස් ලෙස රුපියල් 1,170 ක් වටිනා කුකුළු මස් කිලෝවක් ඉල්ලා ඇති බව වාර්තා වෙනවා.
ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සකකරුවන් දෙදෙනා පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ වෙළෙඳසැල ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වේවැල්දෙණිය උප කාර්යාලයේ සේවය කරන ආදායම් නිලධාරියෙකු සහ මීරිගම ප්‍රාදේශීය සභාවේ මාර්ග අංශයේ සේවය කළ කම්කරුවෙක් බව අල්ලස් කොමිසම සඳහන් කරනවා.
සැකකරුවන් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැඩිදුර විමර්ශන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොම්ෂන් සභාව මගින් සිදු කරයි.