අභියෝගයට අභියෝගයක් වෙයිද?

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද (28) පැවැත්වෙන පළමු 20 – 20 තරගය Mount Maunganui හිදී පැවැත්වෙනවා. පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 8 ක් දැවී ලකුණු 172 ක් රැස්කිරීමට සමත් වුණා.
මෙහිදී නවසීලන්තයට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට නොහැකි වූ බව විචාරකයින්ගේ අදහසයි.
ඔවුන්ගේ ආරම්භක පිතිකරු යුගලය වූ ටිම් රොබින්සන් හා රචින් රවින්ද්‍රා මුලු ලකුණ 21 දී දවාගැනීමට බිනුර ප්‍රනාන්දුට හැකි වුණා.
එමෙන්ම, එම ආරම්භය තවදුරටත් සාර්ථක කරගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නවසීලන්ත ලකුණු පුවරුව 65 ක් වන විට ඉදිරිපෙළ පිතිකරුවෝ පස් දෙනෙකුම යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් වුණා.
කෙසේ නමුත් 6 වන කඩුල්ලට එක් වූ මිචෙල් බ්‍රේස්වෙල් හා ඩැරිල් මිචෙල් පන්දු 60 කින් ප්‍රහාරාත්මක ලකුණු 105 ක සබඳතාවක් ගොඩනගා නවසීලන්ත ලකුණු පුවරුව ඔසවා තැබීමට සමත්වුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු (2/22), මහීෂ් තීක්ෂණ (2/29) හා වනිඳු හසරංග (2/33) කඩුලු 2 බැගින් දවාගත්තා.