අපේ පැත්තෙත් ඇවිත් යන්න එන්න

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස චීන ජනාධිපති ෂී ජින්පිං :ඞස න්‍සබචසබට* මහතාට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කරනවා.
තමාට සහ ශ්‍රී ලංකා දූත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය සම්බන්ධයෙන් චීන රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළකිරීම සඳහා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා චීන නායතක්වයට ඇරයුම් කර තිබෙනවා.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකරන චීනයේ සිවුදින රාජ්‍ය සංචාරය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, බහු ආංශික ප්‍රායෝගික සහයෝගීතාව ඉදිරියට ගෙනයෑම සහ අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳ විස්තීර්ණ පොදු අවබෝධතාවයන්ට එළැඹි බවයි.