අපේක්ෂා රෝහලට පිහිට වුණු කතරගම දෙවියෝ

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලින් කතරගම දෙවියන්ට පිං අනුමෝදම් කිරීම සඳහා මහරගම අපේක්ෂා රෝහලට නව ඇට මිදුලු බද්ධ කිරීමේ එකකයක් ලබා දී විවෘත කිරීම ඊයේ (02) උදෑසන සිදු වුණා.

රුපියල් කෝටි 17 ක වියදමින් මෙම ඒකකය ඉදිකර තිබෙන අතර, නවීන පහසුකම්වලින් යුක්ත මෙවැනි ඒකකයක් මෙරට රජයේ රෝහලකට හිමිවුණේ ප්‍රථම වතාවටයි. මෙම නව ඒකකය මගින් රෝගීන් 04 දෙනකුට එක් වර ප්‍රතිකාර කළ හැකි වෙනවා.

මෙම ඒකකය විවෘත කිරීමේ අවස්ථාව සඳහා කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත කොබවක ධමිමින්ද හිමියන් මෙන්ම, සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති හංසක විජයමුණි, බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.පී. රත්නායක, ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ, අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර යන මහත්වරු ද එක් වී සිටියා. මේ සියලූ දෙනා සහ සෞඛ්‍ය අංශවල පිරිස් එකතුව මෙම විවෘත කිරීම සිදුවුණා.

රුහුණු මහ කතරගම දේවලයට බැතිමතුන් විසින් පඬුරු පෙට්ටිය වෙත ලබා දෙන ආධාර මගින් බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ සංකල්පයක් මත මෙයට පෙර මිලියන 150 ක වියදමින් අපේක්ෂා රෝහල වෙත සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණයක් ද ලබා දී තිබෙනවා.

විශේෂයෙන් ම මෙම වට්ටු සංකීර්ණය ඉදිකර තිබෙන්නේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් හා සහයෝගයෙන් බව සඳහනා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *