අපි මේ තත්වෙම ඉන්නේ ඒ නිසයි

ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නව උත්පාදන වැඩපිළිවෙළ හරහා සිදුකළ හැකි බවත්, නව නිර්මාණ තුළින් නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වන බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.

පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කර තිබෙනවා.

විශේෂයෙන් ම පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීම සඳහා බසරාජගටදඩගකන නව වෙබ් අඩවිය දියත් කිරීමද මෙම අවස්ථාවේ සිදු කෙරුණා.

මිනිසාගේ අවශ්‍යතා නොවෙනස්ව පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම අවශ්‍යතා ලබා ගන්නා මාදිලිය පමණක් වෙනස් වන බවද, නව උත්පාදනය තුළින් එම මාදිලිය නිර්මාණය කළ හැකි බවද මෙහිදී අදහස් දක්වමින් කියා සිටියා.

තාක්ෂණයට සහ නවෝත්පාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවැති ප්‍රතිපත්තිය නිසා ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවට හිමි තැන අත්පත් කර ගැනීමට අසමත් වූ බවත්, ලෝකයේ තාක්ෂණය සමඟ වෙළෙඳපොළ මාදිලියේ නව පෙරළියක් ඇති වුණත් ශ්‍රී ලංකාව තේ, පොල්, රබර් වැනි පැරණි සංකල්පයක හිරවී ඇති බවත්, ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

තාක්ෂණය සමඟ එක්ව නව උත්පාදනය කළ සමාගම් ලෝකය ජයගෙන ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලෝකයේ පළමු සමාගම් 10 න් 05 ක්ම තාක්ෂණය පදනම් කරගත් සමාගම් බවත්, ශ්‍රී ලංකාවේ තාක්ෂණ විෂය නොසලකා තිබූ බවත් ලෝකයේ දියුණු රටවල් තාක්ෂණ විෂයට මුල් තැනක් ලබාදී සංවර්ධනය කරා ගොස් ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියා.

දුප්පත්භාවය තුරන් කිරීම අවශ්‍ය වන්නේ සමාජ ඛේදවාචකය නැති කිරීමට පමණක් නොව එම ජනතාව අයිතිවාසිකම් නොමැතිව පීඩා විඳීම හේතුවෙන් බවත්, එම නිසා ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට නව උත්පාදනය හරහා එම ජනතාවට ආර්ථික කටයුතු හා තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිය ලබාදීම බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *