අධිකරණය ඉදිරිපිට වෙඩිතැබීමක්

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා මන්නාරම රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙනවා.
අද උදෑසන 9.20 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තොලයකින් වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබෙනවා.
මෙලෙස වෙඩි තැබීමට ලක්ව ඇත්තේ නඩු කටයුත්තකට සහභාගි වීමට පැමිණි පිරිසක් බව සඳහන් වෙනවා.