අද හෙට මුහුදු යනවා නම් මේ ගැනත් හිතන්න

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
අද පස්වරුවේ නිකුත් කරන ලද එම නිවේදනය හෙට පස්වරු 2ක පමණ වන තෙක් වලංගු වෙනවා.
ගිණිකොනදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව සැළකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අද පෙරවරු 08.30ට පමණ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී තිබෙන අතර, එය ඉදිරි පැය 24දී බටහිර-වයඹ දෙසට ගමන් කරමින් තව දුරටත් වර්ධනය වීමට ඉඩ තිබෙන බව වාර්තා වෙනවා.
එය දෙසැම්බර් 11 වනදා පමණ වනවිට ශ්‍රී ලංකාව සහ තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිතදිග බෙංගාල බොක්ක වෙත ළඟාවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.
ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව ඉතා තද සුළං :පැ.කි.මී. 60 සමග තද වැසි පැවතිය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවද දැනුම්දෙනවා.