විදුලි ගාස්තු සංශෝධනය වෙන්නෙ මෙහෙමයි

අද 17 ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, 20% ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන තිබෙන බව සඳහන් වෙනවා.
එහිදී 0-30 ත් අතර ගෘහස්ථ කාණ්ඩය යටතේ පැවැති ඒකක ගාස්තුව රුපියල් 6 සිට 4 දක්වාත්, 31-60 ත් අතර පැවැති ඒකක ගාස්තුව රුපියල් 9 සිට 6ක් දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන මෙම විදුලි ගාස්තු සශෝධනයට අනුව, ගෘහස්ත අංශය සඳහා 20% කින් විදුලි ගාස්තු අඩු වන අතර, ආගමික සිද්ධස්ථාන හා පුණ්‍යායතන සඳහා සියයට 21% කින් විදුලි ගාස්තු අඩු කර තිබෙනවා.
ඒ වගේම, හෝටල් සඳහා 31% කින් ද කර්මාන්ත කාණ්ඩය සඳහා 30% කින්ද විදුලි ගාස්තු අඩු කර ඇති අතර, පොදුකාර්ය කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 12% කින් ද, රාජ්‍ය ආයතන සඳහා 11% කින්ද, වීථි ලාම්පු සඳහා 11% කින්ද ගාස්තු අඩු කිරීමටද පියවර ගෙන තිබෙනවා.