හෙටින් පස්සෙ වෙනස් වෙයිද?

ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ, අද දින සිට අමෙරිකාව සිය රට තුළ TikTok යෙදවුම ක්‍රියාවිරහිත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ මිලියන 170 ක පරිශීලකයින් කනස්සල්ලට පත් කරමින්.

අධිකරණය විසින් ලබාදුන් නියෝගය පරිදි අද (19) දිනයේ සිට TikTok යෙදවුම අමෙරිකාවේ භාවිතය තහනම් කිරීමට නියමිතයව තිබුණ ද ඊයේ (18) පස්වරුවේ සිටම Apple සහ google App store වලින් TikTok යෙදවුම් ඉවත් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව ක්‍රියා විරහිත වූ TikTok යෙදවුමේ දැන්වීමක් පළ කරමින් සිය අමෙරිකානු පරිශීලකයින්ට පවසා තිබෙන්නේ, “එක්සත් ජනපදයේ TikTok තහනම් කිරීමේ නීතියක් පනවා ඇත. ඒ අනුව අවාසනාත්මක ලෙස ඔබට දැනට TikTok භාවිතා කළ නොහැකි. ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු TikTok නැවත ස්ථාපිත කිරීම සඳහා විසඳුමක් සම්බන්ධයෙන් අප සමඟ කටයුතු කරන බව පවසා තිබීම වාසනාවක්. එබැවින් කරුණාකර අප සමඟ රැඳී සිටින්න” යනුවෙනි.

ලොවපුරා අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන TikTok යෙදවුම චීනයේ “බයිට් ඩාන්ස්” නම් තාක්ෂණික සමාගමට අයත් වෙනවා.

ඒ අනුව, වීඩියෝ සංස්කරණ යෙදුමක් වන Capcut සහ Lemon8 යන යෙදවුම් ඇතුළුව “බයිට් ඩාන්ස්” සතු අනෙකුත් යෙදුම්ද සෙනසුරාදා පස්වරුව වන විට අමෙරිකාව සතු වන App store වලින් බාගත කිරීමට නොහැකි වු බව සඳහන් වෙනවා.

මේ අතර, අදාළ තහනමට දින 90 ක සහනයක් ලබා දීම බොහෝ දුරට සිදු කරනු ලබන බවත්, එය ලබාදීම සුදුසු වන බවත්, මීට පෙර දිනයකදී මාධ්‍ය වෙත මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණා.

එමෙන්ම තමන් එය තීරණය කළහොත්, එය සඳුදා නිවේදනය කරන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

TikTok යෙදවුම 2012 වසරේදී නිර්මාණය කෙරුණු අතර එය ඉතාම කෙටි කලක් තුළ ලොව පුරා ඉතාම වේගයෙන් ප්‍රචලිත වුණා.

ඒ අනුව, TikTok සමාජ යෙදවුම හරහා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිය නිර්මාණ හැකියාවන් සහ නොයෙකුත් දේ ඉදිරිපත් කිරීමට ඔසනඔදන පරිශිලකයින් කටයුතු කරනවා.

ලොවපුරා TikTok යෙදවුම හරහා වෙනම කර්මාන්තයක් ගොඩ නැගුණු අතර, එය උන්මාදයක් බවට පත්වීමට ගත වුයේ ඉතා කෙටි කාලයකි.

මෙවැනි තත්වයක් පවතින අවස්තාවක දී අමෙරිකානු ආරක්ෂක බලධාරීන් චෝදනා කරමින් පැවසුවේ, TikTok යෙදවුම හරහා චීනය, අමෙරිකාවේ ආරක්ෂික තොරතුරුවලට පිවිසෙන බවත්, එය අමෙරිකාවට තර්ජනයක් වන බවත්ය.

ඒ අනුව, අමෙරිකාව විසින් TikTok යෙදවුම හිමි “බයිට් ඩාන්ස්” නම් චීන සමාගමට නියෝග කළේ, TikTok යෙදවුම අමෙරිකානුවෙකු වෙත අලෙවි කරන ලෙසත් නැතිනම් 2025 වසරේ ජනවාරි 19 වනදා සිට එම යෙදවුම අමෙරිකාව තුළ තහනම් කරන ලෙසත්ය.

එම සමාගම අදාළ නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර, එය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය පූර්ව තීන්දුව පසුගියදා තහවුරු කර කර තිබෙනවා.

මිලියන ගණනක් වූ අමෙරිකානු TikTok පරිශීලකයන් සහ අන්තර්ජාල නිර්මාණකරුවන් මෙම නියෝගය පිළිබඳ සිය කනස්සල්ල පළකර තිබෙනු දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම ට්‍රම්ප් පාලනයට භාරවනු ඇති බවටයි.

අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම නියෝගය සම්බන්ධයෙන් පවසා ඇත්තේ, TikTok යෙදවුම පිළිබඳ තීරණය තමා ඉදිරියේදී දැනුම් දෙන බවයි.

අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට 20 දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *