අදානි සම්බන්ධයෙන් තීරණයක්

අදානි සමාගම මෙරට ඉදිකිරීමට නියමිත සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අදාළ ව්‍යෘපති සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව ද පදනම් කර ගනිමින්.

අදාළ සුළං විදුලිබල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එම කමිටුව අංශ කිහිපයක් ඔස්සේ කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කර ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත එම සුළං විදුලි ව්‍යාපෘති මගින් ජනනය කිරීමට අපේක්ෂිත විදුලිය ප්‍රමාණය මෙගා වෝට් 484 ක් වෙනවා.

ඒ සඳහා මේ වනවිටත් අදානි සමාගම යම් ආයෝජනයක් කර ඇති බවත් බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් අදාළ කමිටුවේ වාර්තාව හා නිර්දේශ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය යම් තීරණයක් ගනු ඇති බව බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *