අත් අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරලා

ඇප නිදහස් වූ සළිදු මල්ෂික ගුණරත්න නොහොත්, කුඩු සළිඳු නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත්කර තිබෙන බව වාර්තා වෙනවා.
ඇප මත නිදහස් කිරීමේදී සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස, කුඩු සළිඳු නැමැත්තාට අධිකරණය විසින් කොන්දේසියක් පනවා තිබුණු නමුත්, ඔහු ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි බව වාර්තා වෙනවා.
ඒ අනුව, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (23) කරුණු වාර්තා කර තිබුණා.