අතරමගදි දාලා ගියාට ලැබුණූ දඬුවම

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවේදී මොරටුව ප්‍රදේශයේ බස් රථයක් මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථයේ ධාවන බලපත්‍රය අත්හිටුවීමට පියවර ගෙන තිබෙන බව, ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
ඒ වගේම, මෙම ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ පොලීසිය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බස් රථ සේවකයින් සහ බස් සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කරනවා.
එමෙන්ම පවතින තත්ත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.