අතටම අහුවුණු ව්‍යාපාරිකයෝ

ව්‍යාපාරිකයන් දෙදෙනෙක් පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ රුපියල් මිලියන 9 ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
වෙනත් ව්‍යාපාරිකයෙකුගෙන් එම අල්ලස ලබාගන්නා අවස්ථාවේදී ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසනවා.
නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්පත් කරගත් එම ව්‍යාපාරිකයාගේ ඥාතියෙකුගේ ඉඩමක් වෙනුවෙන් වන්දි ලබාදීම කඩිනම් කරන බවට පොරොන්දු වී මෙලෙසින් එම අල්ලස ලබාගෙන ඇති බව සඳහන් වෙනවා.