අඩු වුණා කියලා වෙනසක් වෙන්නෙ නෑ

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඒ අනුව උළෙලට සහභාගිවන ආරාධිත අමුත්තන් සංඛ්‍යාව 3000 සිට 1600 දක්වා අඩු කරන බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කරනවා.
මෙවර උළෙලේදී ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩිමුර 21 ක් පිරිනැමීම ද අවලංගු කර ඇති බවත්, ත්‍රිවිධ හමුදා හා පොලිස් ආචාර පෙළපාලියට සහභාගි වන භට සංඛ්‍යාව ද අඩු කර ඇති බව අමාත්‍යවරයා පවසනවා.
විශේෂයෙන්ම මෙවර උත්සවයේ, හමුදා පෙළපාලියේදී සන්නද්ධ රථ ප්‍රදර්ශනය කිරීම ද සිදු නොකරන අතර, ගුවන් සංදර්ශන ද සීමා කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.
එම වෙනස්කම්ද සහිතව, මෙවර නිදහස් සමරු උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 04 වැනි දා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිත බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කර සිටියා.