උගන්වන එකත් අඩු කරලද?

2025 වසරේ දී පාසල් පවත්වන දින ගණන සංශෝධනය කර තිබෙනවා.
වසරකට පාසල් පවත්වන දින ගණන 210 ක් වුවත්, ලබන වසරේ දී එය දින 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව සඳහන් වෙනවා.
රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් මෙන්ම පාසල් වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාද වීමත් සමග, රජයේ පාසල් රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල සිසුන්ගේ වාර්ෂික පාසල් අධ්‍යාපනය සඳහා පැමිණීමේ දින මෙලෙස අඩු කර තිබෙනවා.
ඒ අනුව 2024 අධ්‍යන වර්ෂය සඳහා වන තුන් වන වාරය සම්පුර්ණ කිරීම සඳහා ජනවාරි 02 වනදා සිය 24 වනදා දක්වා පළමු සති 03 පාසල් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.
ඒ ගේම, ලබන වසර සඳහා වන පාසල් වර්ෂය නිල වශයෙන් ජනවාරි 27 වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.
ලබන වර්ෂය සඳහා රජයේ නිවාඩු දින 26 ක් ඇති අතර, ඉන් දින 4ක් පමණක් සති අන්තයේ යෙදී තිබෙනවා. අනෙක් සියල්ල සතියේ දිනවලට යෙදී ඇති බැවින් දින 210 ක කාලයක් පාසල් පැවැත්වීමට නොහැකි වීමත් සමග මෙලෙස පාසල් පැවැත්වීමේ දින ගණන 181 ක් දක්වා සීමා කර තිබෙන බව වාර්තා වෙනවා.