අගමැති – තානාපති හමුවක්

මෙරට නෝර්වේ තානාපති මේ එලින් ස්ටෙනර් මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක්, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුව තිබෙන බව වාර්තා වෙනවා.
දිළිඳුකම පිටුදැකීමල සමාජ ආරක්ෂණ පියවරල පුනර්ජනනීය බලශක්ති සහ රැකියා උත්පාදන යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
විශේෂයෙන්ම, ඵලදායී සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා පාලන ක්‍රමය ඩිජිටල් කිරීමේ ආණ්ඩුවේ අඛණ්ඩ උත්සහය පිළිබඳව, අග්‍රාමාත්‍යවරිය විසින් නෝර්වේ තානාපතිනිය දැනුවත් කර තිබෙනවා.